අනුන්ගෙ විභාග ලියන්න ආපු රොත්තක් අමාරුවේ

ඊයේ (10) පැවති සාමාන්‍ය ‍පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සඳහා තම මිතුරන් වෙනුවෙන් පෙනී සිටි වෙනත් පුද්ගලයින් හා සම්බන්ධ සිද්ධීන් කිහිපයක් පිළිබඳව පොලිසිය අනාවරණය කරයි.

ඒ අනුව තිහගොඩ පුහුල්වැල්ල ප්‍රදේශයේ පාසලක අදාළ අපේක්ෂකයා වෙනුවට පෙනී සිටි වෙනත් පුද්ගලයෙකු සම්බන්ධව විභාග අධීක්ෂණ නිලධාරී විසින් කළ දැනුම්දීම මත පෙනීසිටි පුද්ගලයාත් අපේක්ෂකයාත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 24,25 වයස්වල පසුවේ. ඔවුන් අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ අතර තණමල්විල බෝදාගම ප්‍රදේශයේ පාසලක විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු සහ අදාළ අපේක්ෂකයාද විභාග අධීක්ෂණ නිලධාරී විසින් කළ දැනුම්දීම මත පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් 40, 45 වයස්වල පසුවන්නන් බව සඳහන් වන අතර ඔවුන්ද අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

එමෙන්ම කල්මුණේ සයින්දමරඳු ප්‍රදේශයේ පාසලකින්ද මෙවැනිම සිද්ධික් වාර්තා වන අතර සැකකරු 19 හැවිරිදි තරුණයෙකි. ඔහුද අද දින කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment