අධිකරණ තීන්දුව ඉක්මනින් ඉල්ලුවාට එරෙහිව මෝසමක්


මෙම පුවත ඔබේ මිතුරන්ටත් බලන්න share කරන්න Lanka Hot News
 
නාධිපතිවරයා විසින්පා ර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව කළ පෙත්සම් විභාගයේ තීන්දුව ඉක්මනින් ලබාදෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කළ ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.‍ නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම මෝසම ගොනු කර ඇත. මෙවැනි ඉල්ලීම් කිරීම තුළින් අදාළ නඩුවේ විභාග කටයුතු වට අගතියක් සිදුවන බවත් එම නිසා නඩුව පිළිබඳව ස්වාධීන ලෙස විභාගයක් පවත්වා සුදුසු තීන්දුවක් ලබාදෙන මෙන් ද නීතිඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. අදාළ පෙත්සම් විභාගය පසුගිය සිකුරාදා දිනයේදී අවසන් කෙරිණි. කෙසේ වෙතත් තවමත් ඒ සම්බන්ධයෙන් වන තීන්දුව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කර නොමැත. (අද)

No comments:

Post a Comment