සමාජ සංවිධාන එක් පෙරමුණකට : 12දා බදාදා දැවැන්ත උද්ඝෝෂණයක් !

මෙම ලිපිය හැකිතාක් Share කරන්න
ඉතිහාසයේ රට මුහුණ දී ඇති බරපතල ම ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය එරෙහිව හෙට (දෙසැම්බර් 12) සවස 3.30ට කොළඹ ලිප්ටන් වටරවුමේ දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වේ. ඒ සඳහා මෙම ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව මෙතෙක්, වෙන වෙනම සටන් කළ සියලූ සංවිධාන එක සටන් පෙරමුණක් ලෙස සහභාගී වීමට තීරණය කර තිබේ. මේ සඳහා සංවිධාන විශාල ප්‍රමාණයක් එකතුවී සිටී. අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව , අලූත් පියාපත් (The New Wings), අලූත් පරපුර, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දිදුලන හදවත (shining Heart) ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලූ (Butterflies for Democracy) ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය මෙහෙයුම, මාරුතයේ හඩ, යහපත් සමාජයක් වෙනුවෙන් ලේඛක ලේඛිකාවෝ, රයිස් අප් ශ්‍රී ලංකා (Rise Up Sri lanka) සමාජ සමානාත්මතාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ කාන්තාවෝ (srilankan Women's) සාධුජනරාව, සමබිම යන සංවිධාන ඇතුළුව කලාකරුවන් සාහිත්‍යවේදීන් විද්වතුන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් රැසක් තම තමන්ගේ සංවිධානවල අනන්‍යතා සහිතව මීට සහභාගිවීමට නියමිතය.

No comments:

Post a Comment